ගුරුවරයා ශිෂ්‍යයෙකු අමතා මෙසේ අසයි... 

"අපට වකුගඩු කීයක් තිබේද..?"

“හතරයි!”, ශිෂ්‍යයා ප්‍රතිචාර දක්වයි.

"හතරක්? හහා,''

මේ ගුරුවරයාද තම සිසුන්ගේ වැරදි තෝරාගෙන ඔවුන්ව අධෛර්යමත් කිරීමෙන් සතුටු වූ අයගෙන් කෙනෙකි.

“කාමරයේ බූරුවෙකු සිටින නිසා තණකොළ මිටියක් ගෙනෙන්න” 

ගුරුවරයා ඉදිරි පෙල බංකුවක සිසුවෙකුට අණ කරයි.

“එහෙනම් ඒ ගමන්ම මටත් කෝපි එකක් ගෙනෙන්න” 

යනුවෙන් ශිෂ්‍යයා අර ඉදිරිපෙල බංකුවේ සිසුවාගෙන් සරදම් ඉල්ලීමක් කරයි.

අතිශයෙන් කෝපයට පත් වූ ගුරුවරයා,  සිසුවාව පන්ති කාමරයෙන් නෙරපා හැරියේය.

ශිෂ්‍යයා, බ්‍රසීලියානු ජාතික, ලෝ පරසිදු ගත්කතුවරයෙකු සහ පුවත් වාර්තාකරුවෙකු වූ Apparício Fernando de Brinkerhoff Torelly (1895-1971), වඩාත් හොඳින් හැඳින්වූයේ "බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" යනුවෙනි.

පන්ති කාමරයෙන් පිටතට යන මොහොතේත්, කෝපාවිෂ්ඨ වූ  ගුරුවරයා නිවැරදි කිරීමට තරම් ධෛර්යයක් මේ සිසුවාට තිබුණි:

"ඔබ මගෙන් ඇහුවා "අපට" වකුගඩු කීයක් තියෙනවාද කියලා"

‘අපට හතරක් ඇත.  මගේ දෙකක් සහ ඔබේ දෙකක්. ‘අප සතුව’ යනු බහු වචන සඳහා භාවිතා කරන ප්‍රකාශනයකි. තණකොළ රසකර භුක්ති විඳින්න ".

ජීවිතය හුදු "දැනුමට" වඩා බොහෝ විට "අවබෝධය" ඉල්ලා සිටී. සමහර මිනිසුන්, ඔවුන්ට අනෙකාට වඩා ටිකක් දැනුමක් ඇති නිසා හෝ ඔවුන් සතුව ඇති බව ‘විශ්වාස කරන’ නිසා, 

අන් අය අවතක්සේරු කිරීමට තමන්ට අයිතියක් ඇතැයි සිතති.

අහන්න, සිතන්න, අවබෝධකරගන්න. ඔබ, ඊනියා දැනුම නැමැති ආභරණයෙන් හිස උදුම්මාගත්තෙකු නොවෙන්න!!!

🖋️🖋️ ප්‍රසන්න විජයසිංහ 🖋️🖋️






Comments

Popular posts from this blog