Posts

Showing posts from January 25, 2024
Image
                  🎻 නොමියෙන ගාන්ධර්වයාණෝ... ඔබ අප අද අප අතර සිටියා නම් 87 වැනි විය සපුරන්නේය.. එහෙත් ඔබ අප අතර නැත. ඔබ නිර්මාණය කළ සත්සර රටා මුසු වුණු සංගිත සංධවනියන් තවමත් ඔබ අප අතර බව පවසන්නේය... සංගිතයේ සප්ත ස්වර අතර පීඩිත පංතියේ දුක් මුසු හඩ නිරන්තර සුසංයෝගය විය. ඔපෙරා සහ හඩ සුසංයෝගය පිළිබදව ඔබගේ ප්‍රාඥ දැනුම ඔබ සංගිතයේ පැවැත්ම මනාවට පැහැදිලි කරයි. අදත් ඔබ අප අතර බව දැනෙනුයේ එනිසාවෙනි. ඔබගේ අසමමිතික තාල රටා භාවිතය , විප්ලවීය සුසංයෝගයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමේ නව ශිල්පීය ක්‍රම ඇතුළත් ගායන හා වාදන ශිල්පීය ක්‍රම සමඟ කළ බොහෝ අත්හදා බැලීම් නිර්මාණයන් තවමත් දෙසවන් හදවතත් තුළ රැව් දෙයි. ඔපෙරා ප්‍රගුණ කළ සහ නිර්මාණය කළ එකම ශ්‍රී ලාංකික සංගීතඥයා තවමත් ඔබ බව අවිවාදයෙන් මම කියමි. මාස්ටර් ඔබ ගැන ලියන්නට මා දුහුනෙක් පමණකි එහෙත් මාහට ඔබ භාවිතය දැන්නේ පාසල් වියේදීමය. ඉන්පසු මා ඔබ කියවිමි. එතැන් පටන් මා සිත තුළ නාද වූයේ ඔබ සත්සර රටාවන් බව කියමි. බුදුන් උන්වහන්සේගේ පිරිනිවන් මංගල්‍යය නම් වූ කැන්ටාටාව , බොහෝ විට මෙතෙක් රචනා කර ඇති එකම ...