සටහනක්..... සීරුවෙන් ඉදගෙන සිටින විට ඔබේ සිරුර හරි කෙළින් සිටියි. ඔබේ අත් දෙකම ඔබේ දණහිස් ග්‍රහණය කර ගනී.ඔබේ ඇස් යොමු වි ඇත්තේ කලින් පෙචෙක් බැංකු ගොඩනැගිල්ලේ කහ පාට බිත්තිය වෙතය. ඇත්ත වශයෙන් ම මෙය මානසික ඒ්කාග්‍රතාවක් ඇති කර ගැනීමට තුඩු දෙන ඉරියව්වක් නොවේ. ඒහෙත් සීරුවෙන් ඉද ගෙන සිටින විට ඔබේ සිතුවිලිවලට බලපෑමක් කළ හැක්කේ කවරකුට ද. මේ පෙචෙක් ගොඩනැගිල්ලේ ශාලාවට කව්දො වරක් සිනමා ශාලාව කියා කිවේය. එහෙත් ඒ කවුරුන් කවදා දැයි අප කිසිදා දැන නොගනු ඇත.ජර්මානුවන් මෙයට කීවේ හීලෑ ගෙදර කියාය. එහෙත් සිනමා ශාලාව යන්න සහජ බුද්ධියේ ප්‍රතිඵලයකිග ඉඩකඩ සහිත ශාලාවේ දිග බංකු පේළි හයක් තිබුණි. ඒ්වායේ හරි කෙළින් වාඩි වී සිටියේ පරීක්ෂණවලට භාජනය කළ අය ය. ඔවුන්ගේ වික්ෂිප්ත ඇස් ඉදිරිපිට වු හිස් බිත්තිය තිරයක් බවට පරිවර්තනය විය. වද දී මර දැමීම සදහා විභාග කිරිමට කථා කරන තෙක් බලා සිටි ඔවුහු කිසි දිනෙක රූගත කර නැති දර්ශන ඒ් තිරය මත ප්‍රක්ෂේපණය කළෝය. එය පුද්ගලයෙකුගේ මුලු ජීවිතය පිළිබද චිත්‍රපටය විය. නැති නම් ජීවිතයේ සුළු අවස්ථාවක් පිළිබද චිත්‍රපටය විය. එසේත් නැති නම් පුද්ගලයෙකුගේ මවගේ දරුවාගේ බිරිදගේ කැඩී බිදී ගිය නිවස...