" දිට්වා " නුඹ නිසා...
******************
වැසිකළු මතු වුණා
අහසම  අඳුරු කර....
හිරු සඳු සැඟවුණා
හමු විය නොහැකි දුර...
ගඟ දිය රළු වුණා
කඳුබිම් සලිත කර...
කවිසිත වැලපුණා
විඳගෙන කඳුළු බර..

පුන්සඳ වැසී 
බැලු බැලු අත  
අඳුර  පිරී...
සුන්දර ජය ගඟම
බොරදිය ලෙසට
හැරී..
තුන්යම නිදිවරා
කොඳමල් 
කඳුළු පිරී..
දැන් කවි ලියන්නට
කවි සිත
නොමැත දිරී...

 දිලී ජයගඟ ඉවුර

Graphic Art By - Prasanna Wijayasinghe....


 

Comments

Popular posts from this blog