අප්පච්චි
------------------------
අප්පච්චි කෙනෙක් නැති කෙනෙක් ගෙන්
අහල බලන්න..
අප්පච්චිගෙ වටිනාකම ..
ජීවිතේ සමහර තැන් වලදි …
අප්පච්චි නැති අඩුව
කොච්චර දැනුණ ද කියල ..
සමහරු හිතනවට දකිනවට වඩා
අප්පච්චි කෙනෙක් නැතුව
ගෙවන ජීවිතේ,
හරිම අමිහිරි ...
ජිවිතේ මොන දේ ලැබුණත්..
අප්පච්චිගෙ අහිමිව්ම
කොච්චර දුකක් ද කියල
අප්පච්චි නැතිවුන කෙනෙක්ගෙන්
අහල බැලුවොත්
සමහරුන්ට හිතෙයි
කොහොම ඒ වේදනාව
දරාගත්තෙ කියල..
අහිමි වීම කියන දේ හරියටම දන්නෙ...
දෙමාපියන් ගෙන් එක්කෙනෙක් අහිමි උන දරුවෙක් විතරයි ...
අනෙක් සියලුම දේවල් මග හැරීම් විතරය
මේ ලෝකෙ දුවෙක්ට
දරාගන්න බැරිම අහිමිවීම
තාත්තගෙ අහිමිවීම.....
👉 විමුක්ති...
![]() |
Comments
Post a Comment