තැබෑරුමකට වරෙන් සිංහයෝ.....


නිල් වෙන්න කෑ පසුව

අන්න අර දුම් නළෙන්

කටක් හොල්ලන්නැතිව

රණඹර ද පණ බයෙන්


එඹෙන්නට ගිය දිනෙක

කොළොන්නාවට උඩින්

මීතේන් වැසුණු සද

ගැහෙනවලු කහ උණෙන්


එතැන් සිට කතන්දර

ඇසු නිසා හොදවැයින්

පණ නසා ගෙන තැනක

නෝන්ජල් කදු මුදුන් 


සිංහයෝ ඔන්න ඔය 

කඩුව තියලා බිමින්

බදාගෙන අඩමු අපි

තැබෑරුමකට වරෙන්....

               🖋..නාලින්ද ලියනගේ.....


පරිගණක ගැප්‍රික් සිතුවම ප්‍රසන්න විජයසිංහ...


Comments

Popular posts from this blog