තාත්තා .....

දරන්න බැරි තැන තැවුල් 

බදාගෙන වැරෙන් 

හිස ළයට තුරුලු කරගන්නට තදින්

අප්පච්චි ඉන්නම ඕනේ

දෝණියෙක්ට සැනසෙන්න ජීවිතේ


අඩිය තියලා නැගිටින්න දඟලන පුංචි සන්දියේ

නුඹෙ දෙපය උඩ පුංචි පා තුඩු බරට තබලා මගේ

වාරු දී ඇවිදින්න සවි වූ යෝධ පා යුග නුඹේ

සිඹිමි මල් කිනිති පුදා නුඹයි මගෙ ලොවේ බුදුන්


නොපෙන්වා කිසිදාක දරු පෙම සඟවාන ලැම තුරේ 

කුසගින්න හිතගින්න නොපෙන්වා සිනාසෙන නෙතේ

දුවෙකුගේ ජීවිතේ තුන්කල් දකිනා මුනිවරයෙකු සේ

අප්පච්චි ඉන්නම ඕනෙ දෝණියෙක්ට සැනසෙන්න ජීවිතේ


ඉකිගසා හඬන්නට ඔහේ කියවන්නට දවස ගානේ

ගෙදර එන තුරු ම මඟ බලන ඇස් දෙකක්

මැරෙන්න කලියෙන් පියෙක්ට ලැබෙන්න ම  ඕනේ  

ඔහු  නමට පමණක් ලියවුණු පුංචි ඇස් දෙකක්


තාතෙක් නැති සසරක් 

හුස්මක් නැති කතරක්

පණ යද්දි ළඟ ඉන්න

අප්පච්චිට ඉන්නම ඕනෙ

දෝණියෙක්


දුවෙක්ට කිසිම දවසක

තාත්තා නැති වෙන්න හොද නෑ

ඒක තමයි දුවෙක්ට දරන්න බැරි

වේදනාත්මකම අහිමිවීම...

👉විමුක්ති..

CGI Graphic Art By Prsanna.

 

Comments

Popular posts from this blog